ඉරාකයේ සමරිසි අයට නව නීතියක්

ඉරාකයේ සමරිසි අයට නව නීතියක්

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක් ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.

එම නව නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් වසර 1 සිට 3 දක්වා සිරගත කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නව නීතිමය පනත තුළින් LGBT පුද්ගලයන්ට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් ඉරාකය තුළ ඇතිවූ තවත් කලු පැල්ලමක් බව අයිතිවාසිකම් කණ්ඩායම් පවසනවා.

සමලිංගිකත්වය හෝ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කරන්නන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් කිරීමේ ශල්‍යකර්ම සිදු කරන වෛද්‍යවරුන්, කාන්තාවන් මෙන් “හිතාමතා” ක්‍රියා කරන පිරිමින් සහ “භාර්යාව හුවමාරු කිරීමේ” යෙදෙන පුද්ගලයින්ට ද නව නීති යටතේ සිර දඬුවම් ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් අමෙරිකාව ඇතුළු බටහිර රටවල විරෝධයට ලක්වීමෙන් පසු මෙම නීතිමය පනත සංශෝධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This