හරීන් වෙනුවෙන් හිරේ යන්න සජිත් සූදානම්!

හරීන් වෙනුවෙන් හිරේ යන්න සජිත් සූදානම්!

හරීන් කතා කළේ සත්‍ය වෙනුවෙන් බවත් ඇත්ත කතා කළ එතුමාව අත් අඩංගුවට ගන්නවානම් විපක්ෂ නායකයා ලෙස තමාවත්, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුත් අත්අඩංගුවට ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පෙරවරුවේ රෝහල් ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට නවලෝක රෝහල වෙත ගිය අවස්ථාවේදී යි.

රටේ සිදුවූ මහා ඛේදවාචකයක් පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා රටට සත්‍ය හෙලිදරව් කළ බවත් එවන් සත්‍යවාදී නායකයෙක් වෙනුවෙන් මුලු පක්ෂයමත්, සමස්ත රටේ ජනතාවත් පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.

Share This