අද ඉරණතිව් හි විරෝධතාවක්

අද ඉරණතිව් හි විරෝධතාවක්

කොරෝනා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බව අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී අනාවරණය කළා.

යුද්දෙන් පසුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ තමන් පදිංචියට ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේ දී තමන් ජීවත් වන දූපතේ කිසිවෙකුටත් කොරෝනා අවදානමක් නොමැති අතර මෙලෙස රජය විසින් ඉරණතිව් දුපතේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පළ කරන බවයි ඉරණතිව් වැසියන් පවසන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් වැසියෝ පවසනවා.

 

 

Share This