හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (27) සවස 5.00 සිට අනිද්දා (28) උදෑසන 7.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 05 සහ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ඉහත සඳහන් කරඇති ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This