දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට එස්.එස් මුදලිගේ පත් කරයි

දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට එස්.එස් මුදලිගේ පත් කරයි

පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා විසින් සිදුකරන ලද මෙම පත්වීමට අදාළ පත්වීම් ලිපිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඔහුට ලබා දී ඇති බව සඳහන්

ඒ අනුව ඔහු දැනට දරනු ලබන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( සැලසුම් ) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ ආවරණය කිරීම සිදු කරනු ඇති

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරය පුරප්පාඩු වුණා

Share This