චීනය හා ශ්‍රී ලංකාව අතර නිෂ්පාදන ආයෝජන පිළිබඳව පුළුල් සාකච්ඡා

චීනය හා ශ්‍රී ලංකාව අතර නිෂ්පාදන ආයෝජන පිළිබඳව පුළුල් සාකච්ඡා

චීන කුඩා හා මාධ්‍ය පරිමාණ වාණිජ ව්‍යවසාය සංගමය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වාහන නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික තාක්‍ෂණය, කඩදාසි සහ මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාප්තිය සහ වෙළඳ ආයෝජන පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය, සුළං බලය සහ ජෛව ස්කන්ධ බලශක්තිය ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීමේ අවස්ථා අවධාරණය කරමින් විභව ආයෝජන මාර්ග කිහිපයක් චීනබලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරයා හමුවේ අදහස් පළකර තිබෙනවා.

එහිදී චීනයට උසස් තත්ත්වයේ කුරුඳු අපනයනය කිරීමේ හැකියාව සහ තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ඉලෙක්ට්‍රොනික වාහන ආනයනයට ප්‍රමුඛත්වය දීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කර තිබෙනවා.

Share This