Groupers මාලුන්ට තහනමක්

Groupers මාලුන්ට තහනමක්

ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වන තායිවාන Groupers මත්ස්‍යයන් චීනයට ආනයනය කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙය පසුගිය වසරේ සිට චීන වෙළඳපොළට ඇතුළුවීම අවහිර කරනු ලැබූ සිව්වන කෘෂිකාර්මික නිෂ්පාදනයයි.

තායිවානයේ කෘෂිකර්ම කවුන්සිලයේ ප්‍රධානී චෙන් චී-චන්ග් පැවසූයේ චීනය තම රටෙන් මත්ස්‍ය ආනයනය අත්හිටුවීමට ගත් තීරණය ජාත්‍යන්තර වෙළඳ රීතීන් උල්ලංඝනය කිරීමක් බවයි.

ඒ අනුව තායිවානය මෙම ප්‍රශ්නය ලෝක වෙළඳ සංවිධානයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි වාර්තාවන්නේ.

තහනම් රසායනික ද්‍රව්‍ය සහ අධික ලෙස ඔක්සිටෙට්‍රාසයික්ලයින් අඩංගු බවට අනාවරණය වූ කරුණු මත චීන රේගුව කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජුනි (13) වැනිදා සිට මෙම මත්ස්‍යයන් ආනයනය තහනම් කරනු ලැබුවා.

පසුගිය වසරේ චීනය විසින් තායිවානයෙන් අන්නාසි, ඇපල් සහ සීනි ආනයනය කිරීමද තහනම් කරනු ලැබුවා.

Share This