ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආණ්ඩුවෙන් තවත් මුදලක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආණ්ඩුවෙන් තවත් මුදලක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා

මේ වන විටත් මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවද රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කරනවා

රාජ්‍ය ඇමැති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් .

විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබාගන්නා පිරිස 4,16,677ක් සිටිනා බවත් මෙම පිරිසෙන් 2,38,640ක් සඳහා මෙම දීමනාව 2,500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් මෙම රු. 500 වැඩිකිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර තිබෙනවා

එසේම වන්දනා ගමන් සඳහා විදෙස්ගතවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොලියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමඟ සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

Share This