AI මෘදුකාංගය  සොයාගැනීම  තොරතුරු තාක්ෂණයේ   නව පිබිදීමක්   – බිල් ගේට්ස්

AI මෘදුකාංගය සොයාගැනීම තොරතුරු තාක්ෂණයේ නව පිබිදීමක් – බිල් ගේට්ස්

කෘතිම බුද්ධිය නොහොත් Artificial Intelligence මෘදුකාංගය දශක කිහිපයකට පසු සොයාගත් වැදගත්ම තාක්ෂණික දියුණුව බව මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් පවසනවා.

මෙය පරිගණකය, ජංගම දුරකථනය, අන්තර්ජාලය සහ Micro Processor යන සොයාගැනීම් මෙන්ම වැදගත් හා මූලික සොයාගැනීමක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එය මිනිසුන් වැඩ කරන ආකාරය, ඉගෙනීම, සංචාරය කිරීම, සෞඛ්‍ය සේවා ලබා ගැනීම සහ එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම වෙනස් කරන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

AI විසින් වැඩි දියුණු කරන ලද, ChatGPT යනු AI චැට්බොට් එකක් වන අතර එය භාවිතයෙන් අන්තර්ජාලය හරහා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට වැඩසටහන් ගතකර තිබෙනවා.

2023 ජනවාරි මාසයේදී ChatGPT සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇති අතර බිල් ගේට්ස් මහතා තවමත් එහි උපදේශකයෙකු ලෙස සේවය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This