අධ්‍යාපනය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස වී. රාධක්‍රිෂ්ණන් පත්වේ

අධ්‍යාපනය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස වී. රාධක්‍රිෂ්ණන් පත්වේ

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීතරන් මහතා ඒ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය එය ස්ථිර කළ බවයි වාර්තා වන්නේ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කොට ඇති නිසා තමන්ට මේ සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවයි.

Share This