මැයි දිනයට ඩ්‍රෝන කැමරා භාවිත කිරීම ගැන පොලිසියෙන් කරන නිවේදනය

මැයි දිනයට ඩ්‍රෝන කැමරා භාවිත කිරීම ගැන පොලිසියෙන් කරන නිවේදනය

හෙට (01) දිවයින පුරා පැවැත්වීමට නියමිත මැයි රැලි, පෙළපාලි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පවත්වනු ලබන සියලුම මැයි දින උත්සව අනවසරයෙන් ඩ්‍රෝන කැමරා මගින් රූගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර ඒ සඳහා නිසි අවසරයක් පොලීසිය හරහා ලබාගත යුතු බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම අනවසරයෙන් මැයි රැලි, පෙළපාලි සහ සැමරුම් උත්සව ඩ්‍රෝන කැමරා මගින් රූගත කරන්නන් සම්බන්ධයෙන් නීත්යානුකූලව කටයුතු කරන බව පොලීසිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This