ජනපති මැයි දින රැලි දෙකක

ජනපති මැයි දින රැලි දෙකක

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැලි දෙකකට එක්වීමට නියමිතව තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලිය හෙට පෙ.ව 10.00ට ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය හෙට ප.ව 2.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දී ආරම්භ වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

Share This