අවාසනාවන්ත අනතුරකින් මිය ගිය තරුණයා

අවාසනාවන්ත අනතුරකින් මිය ගිය තරුණයා

ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

මරණකරුගේ යතුරු පැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, වෙනත් යතුරු පැදියක ආධාරයෙන් එය ඇදගෙන යාමේදී, ඇදගෙන යාම සිදු කළ යතුරු පැදිය වෙනත් වාහනයකට ඉස්ස‍ර කිරීමට උත්සාහ කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී මරණකරු නැගී පැමිණි කාර්මික දෝෂයට ලක්ව තිබූ යතුරු පැදිය පෙරළි ඇති අතර, මරණකරු ඉන් ඇද වැටී විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයකට යටවී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ මරණකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු සහ අනෙක් යතුරු පැදියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This