විදේශ ඇමති අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙන්න යයි
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අනිද්දා (29) දිනයේ අමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මෙම සංචාරය තුළ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔවුන් සඳහන් කළේ.