හිටපු පාකිස්ථාන අගමැති විරෝධතා අරඹයි

හිටපු පාකිස්ථාන අගමැති විරෝධතා අරඹයි

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගයන් ආරම්භ තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහි සියලු සැලසුම් ආපසු හරවන බවට ද අනතුරු අඟවා තිබෙනවා.

ඇ‍‍බොටාබාද්හි පැවති ජන රැලියකදී තම පක්ෂ සාමාජිකයින් අමතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ අපරාධකරුවන් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ වාඩි වී සිටින බවයි.

තම පක්ෂයට අවශ්‍ය වන්නේ ඉක්මන් මැතිවරණයක් පමණක් බවත් ඔහු පැවසූයේ යැයි ඩේලි ටයිම්ස් වාර්තා කරනවා.

පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් තමන්ව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බවට ද ඉම්රාන් මෙහිදී චෝදනා කළා.

ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පැවසූයේ මැයි 20 වැනිදායින් පසු ඉස්ලාමාබාද් වෙත දැවැන්ත විරෝධතා පාගමනක නිරත වන බවයි.

පාගමනට සමාගාමීව රටපුරා විරෝධතා පවත්වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

Share This