”සූර්ය මංගල්‍යය” ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි

”සූර්ය මංගල්‍යය” ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි

රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ”සූර්ය මංගල්‍යය” ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළවයි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණේ

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Share This