සිය දරුවන්ගේ පෙනීම නැති වී යාමට පෙර දෘශ්‍ය මතක පුරවන්නට ලොව පුරා යන පවුලක්

සිය දරුවන්ගේ පෙනීම නැති වී යාමට පෙර දෘශ්‍ය මතක පුරවන්නට ලොව පුරා යන පවුලක්

සිය දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන රෝගයකින් පෙළෙන බව හඳුනාගත් මව සහ පියා එම දරුවන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබා දීමට තීරණය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම රෝගය උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයක් බවයි පැවසෙන්නේ.

මෙය ජාන වාහකයන්ගේ ඇතිවන ආබාධයක් වුවත් බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව ද සඳහන්.

එම නිසා සිය දරුවන්ට හැකි තරම් දෘශ්‍ය මතක පුරවන ලෙසට පවුලේ වෛද්‍යවරයාද උපදෙස් ලබා දී තිබෙනවා.

එඩිත් සහ සෙබස්තියන් යන දෙමව්පියන් ඒ අනුව තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබා දීමේ අරමුණින් තම පවුල ලෝක සංචාරයක් ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව මෙම පවුල ඔවුන්ගේ වසරක සංචාරයේ මාස හයක් මේ වන විට ගතකර ඇති අතර මේ දක්වා ඔවුන් ටැන්සානියාව, තුර්කිය, නැමීබියාව, සැම්බියාව, මොංගෝලියාව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කර ඇති බව සඳහන්.

උපුටා ගැනීම විදෙස් මාධ්‍ය

Share This