ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) කොළඹ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සර සැමරුමට එක් වෙමින්

එමෙන්ම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකී සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කර තිබෙනවා

Share This