වික්ටෝරියා ජලාශයේ ගිලී අහිමි වී ගිය ජීවිත

වික්ටෝරියා ජලාශයේ ගිලී අහිමි වී ගිය ජීවිත

තෙල්දෙණිය කුඹුක්කඳුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ අඹු-සැමි යුවළක් බේරාගැනීමට ගිය පුද්ගලයෙකු ද දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ අඹු-සැමි යුවළ දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා ධීවර සමිතියක පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව බෝට්ටු සහ ඔරු මගින් සෝදිසි මෙහෙයුම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම පිරිසේ සිටි එක් පුද්ගලයෙකු ද දියේ ගිලී ගොස් තිබෙනවා.

අනතුරුව ඊයේ සවස් කාලයේ දී ඔහුගේ සිරුර සහ අඹු-සැමි යුවළගේ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

මියගිය යුවළ 22 සහ 28 හැවිරිදි වයස්වල පසුවූවන් වන අතර අනෙක් පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවූ අයෙකු බව සඳහන්.

Share This