වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩපිළිවෙලක්

වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩපිළිවෙලක්

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අදාළ වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මතයි අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දී ඇත්තේ

මෙම යෝජනාව සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති සඳහන් කර සිටියේ තමන්ට එහි කරුණු සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බවයි

ඒ අනුව තමන් ඉල්ලා සිටින දෛනික වැටප් වැඩි කිරීම ලබාදෙන ලෙසටයි වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇත්තේ

මේ අතර වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන්ද වතු වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාව දැනුවත් කර තිබෙනවා.

එහිදී නව රැකී රක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා

Share This