සංවර්ධන නිලධාරීන් හෙට අසනීප වෙයි

සංවර්ධන නිලධාරීන් හෙට අසනීප වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ ඒ අනුව හෙට දිනයේ (29) දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක නිරත වන බවයි

Share This