වත්තල වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන මෙන්න

වත්තල වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන මෙන්න

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතුරුගිරියේ නේවිරුවන්ගේ මෝටර් රථයට ද අද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ගනේමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට හැකිවී තිබෙනවා.

ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව මීට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට උපාය ධූතයෙකු යොදාවා මේ ජාවාරම්කරු වත්තල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබුණා.

ඒ අනුව සුඛෝපභෝගී මෝටර් රථයක් වත්තල දෙසට ධාවනය වූ අතර, පසුව එම මෝටර් රථය අතුරුමාර්ගයක ධාවනය කර තිබෙනවා.

එහි දී වෙඩි තැබීමක් ද සිදුවුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මෙම මෝටර් රථය සහ සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

එහි දී කැලණිය වනවාසල මීගහවත්ත ප්‍රදේශයේ මෙම මෝටර් රථය දමා ගොස් තිබිය දී සොයා ගැනීටම හැකිවුණා.

පොලිසිය සැකකරන්නේ එම මෝටර් රථය අතුරුගිරියේ නේවිරුවන්ට අයත් එකක් බවටයි.

එහිදී සැකකරු මෝටර් රථය නවතා ත්‍රී රෝද රථයක නැගයන අයුරු ආරක්ෂක කැමරාවලට හසුවී තිබුණා එම වීඩියෝව පහතින්.

Share This