ලොව විශාලතම බ්ලූබෙරි ඕස්ට්‍රේලියාවේ ගොවිපොළකින්

ලොව විශාලතම බ්ලූබෙරි ඕස්ට්‍රේලියාවේ ගොවිපොළකින්

ඕස්ට්‍රේලියානු ගොවිපළක් පිංපොං (ping-pong ball) බෝලයක ප්‍රමාණයේ ලොව විශාලතම බ්ලූබෙරි වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බ්ලූබෙරි පසුගිය නොවැම්බරයේදී අධිශීතකරණයක තැන්පත් කර ඇති අතර, මෙය සෙන්ටිමීටර 4කට ආසන්න පළලකින් යුක්ත වූ අතර බර ග්‍රෑම් 20.4 කින් යුක්ත වූ බව සඳහන්.

මෙහි විශේෂත්වය වන්නේ මෙම බ්ලූබෙරි සාමාන්‍ය බ්ලූබෙරි මෙන් 10 ගුණයක් පමණ විශාල වන නිසයි.

මිට පෙර මේ වාර්තාවට හිමිකම් කියා තිබුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ වගා කරන ලද 16.2g බර බෙරි වර්ගයක්.

විශාල බෙරි සඳහා ඇති පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම සඳහා කොස්ටා සමූහය විසින් නව බෙරි ප්‍රභේදයක් සංවර්ධනය කර තිබෙනවා.

ඒ අනුව මේ බෙරි ගෙඩිය ගිනස් ලෝක වාර්තා අතර ලොව බරම බ්ලූබෙරි ගෙඩියේ වාර්තාවට හිමිකම් කියන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This