ලිබර්ටි ප්‍රතිමාවත් සොලවමින් අමෙරිකාවේ භූ කම්පනයක් (VIDEO)

ලිබර්ටි ප්‍රතිමාවත් සොලවමින් අමෙරිකාවේ භූ කම්පනයක් (VIDEO)

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරය සහ ඒ අවට ප්‍රදේශවල රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කම්පනය නිව් යෝර්ක් නගරයට බටහිර දෙසින් 64km පමණ දුරින් නිව් ජර්සි හි ලෙබනනය ආසන්නයේ සිදුවූ බව සඳහන්.

එය දශක ගණනාවකට පසු මෙම කලාපයේ වූ විශාලතම භූමිකම්පාව බවයි සඳහන් වන්නේ.

නිව් යෝර්ක්හි, ඇතිවූ පළමු භූමිකම්පාව අතරතුර ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙමින් පවතිනු දක්නට ලැබුණු අතර, නගරය පුරා කම්කරුවන් සහ නිවැසියන්ද මේ සිදුවීමෙන් කම්පනයට පත්වී තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් පසු කම්පන හයක්වත් වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This