ලබන වසරේදී මයිකල් ජැක්සන්ගේ චරිතාපදාන චිත්‍රපටය තිරගත කරයි (PHOTOS)

ලබන වසරේදී මයිකල් ජැක්සන්ගේ චරිතාපදාන චිත්‍රපටය තිරගත කරයි (PHOTOS)

මයිකල් ජැක්සන් චරිතාපදාන චිත්‍රපටය වන මයිකල් (Michael) චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් 18 වනදා තිරගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම චිත්‍රපටයේ තිර රචනය ජෝන් ලෝගන්ගේ සිදු කරන අතර ඇන්ටොයින් ෆුක්වා විසින් අධ්‍යක්ෂණය කරන නිර්මාණයක් බව සඳහන්.

එමෙන්ම චිත්‍රපටයේ නිෂ්පාදනය සිදු කරන්නේ චිත්‍රපට නිෂ්පාදනයේ දැවැන්තයන් වන Lionsgate සහ Universal සමාගම් දෙකයි.

මෙම චිත්‍රපටය ජැක්සන්ගේ වෘත්තීය ජීවිතයේ විශේෂ අවස්ථා කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා.

එමෙන්ම ඔහු ලොව ජනප්‍රියම තාරකාව බවට පත්වීම මෙන්ම වසර 2009 දී ඔහුගේ මරණය දක්වා ඔහුගේ ජිවිතයේ විශේෂ වූ සංසිද්ධීන් මෙම චිත්‍රපටයේ ඇතුළත්.

චිත්‍රපටයේ නළු නිළියන් පහතින්,

ජෆාර් ජැක්සන් – මයිකල් ජැක්සන්ගේ චරිතය

Juliano Krue Valdi – තරුණ මයිකල් ජැක්සන් ලෙසින්

කොල්මන් ඩොමින්ගෝ – ජෝ ජැක්සන්

නියා ලෝන්ග් – කැතරින් ජැක්සන්

මයිල්ස් ටෙලර් – ජෝන් බ්‍රැන්කා

ජර්මේන් ජේඩන් හාවිල් සහ ජමාල් ආර්. හෙන්ඩර්සන් – ජර්මේන් ජැක්සන්

ජේලන් ලින්ඩන් හන්ටර්, ට්‍රේ හෝර්ටන් – ටිටෝ ජැක්සන්

ට්‍රේ හෝර්ටන් – මාලන් ජැක්සන්

නතානියෙල් ලෝගන්මැ,කින්ටයර් ජෝසෆ්, ඩේවිඩ්-ජෝන්ස් – ජැකී ජැක්සන්

ජෙසිකා සුලා ලා – ටෝයා ජැක්සන්

කෙවින් ෂිනික් – ඩික් ක්ලාක්

කෙන්ඩ්‍රික් සැම්ප්සන් – ක්වින්සි ජෝන්ස්

ලිව් සයිමන් – ග්ලඩිස් නයිට්

කැට් ග්‍රැහැම් – ඩියනා රෝස්

 

Share This