ඕනෑම විවාදයකට අපි මැයි මාසයේ සූදානම් – විපක්ෂ නායක

ඕනෑම විවාදයකට අපි මැයි මාසයේ සූදානම් – විපක්ෂ නායක

ඕනෑම විවාදයකට තමා මැයි මාසයේ සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 165 වැනි අදියර යටතේ අද (27) ගම්පහ අත්තනගල්ල, උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

ඒ අනුව, සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවත් තමා සහ අනුර කුමාර දිසානායක අතරත් වන විවාදයට සූදානම් බවයි ඔහු එහිදී කියා සිටියේ

මේ සදහා නීතීඥ මණ්ඩලයට මැදිහත් වී එම විවාද දෙක මැයි මාසයේ පවත්වන ලෙස පැවසූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා

 

Share This