ලබන අඟහරුවාදා සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි

ලබන අඟහරුවාදා සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි

ලබන අඟහරුවාදා පෙරවරු 6.30 සිට අත්හිටවූ වැඩවර්ජනය යළිත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති තුනක් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අදාළ වැඩවර්ජනය සිදු කිරීමට ඒකමතිකව තීරණය කළ බවයි

කෙසේ වෙතත් අදාළ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා ලබා දී තිබූ කාලය ද ඊයේ (27) දිනයෙන් අවසන් වුණා.

ඒ අනුවයි අදාළ වෘත්තීය සමිති සන්ධානය යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වීමට තීරණය කර ඇත්තේ.

Share This