රුසියාව යුක්‍රේන ජනපතිගේ නිවාඩු නිකේතනය විකිණීමට සූදානමක්

රුසියාව යුක්‍රේන ජනපතිගේ නිවාඩු නිකේතනය විකිණීමට සූදානමක්

ආක්‍රමණය සඳහා තවදුරටත් අරමුදල් සපයා ගැනීමට රුසියාව යුක්‍රේන ජනාධිපතිගේ නිවාඩු නිකේතනය විකිණීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ගේ නිවාඩු නිකේතනය විකිණීමෙන් ලැබෙන මුදල් රුසියාව විසින් දිගින් දිගටම යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා යොදවන බව රුසියානු රජය පවසා ඇති බවයි The Telegraph වාර්තා කර ඇත්තේ

ඒ අනුව රුසියානු රාජ්‍ය මාධ්‍ය පැවසුවේ මෙම දේපල දළ වශයෙන් ඩොලර් 800,000 ලෙස තක්සේරු කර ඇති බවයි.

යුක්‍රේන ජනාධිපතිවරයා 2013 දී ක්‍රිමියාවේ සුප්‍රසිද්ධ වෙරළබඩ නගරයක් වන Livadia හි ඔවුන්ගේ නිවාඩු නිකේතනය ලෙස පෙන්ට්හවුස් මහල් නිවාසයක් මිල දී ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා

Share This