රුසියානු තානාපති ජනපති හමුවෙයි.

රුසියානු තානාපති ජනපති හමුවෙයි.

රුසියානු තානාපති යූරි මැටේරි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (27) දහවල් මෙම සාකච්ඡාව සිදු වූ බවයි.

ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්කර ඇති බව සඳහන්.

ශක්තිමත් රාජ්‍ය සබඳතාව සහ දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී මෙන්ම අවැසි සෑමවිටම රුසියාවෙන් ලැබෙන සහාය එහිදී පැසසුමට ලක්කර තිබෙනවා.

එසේම 2022 වසර වනවිට ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 65ක් සපිරෙන බවද සඳහන්.

Share This