රියදුරුගේ පහරදීමෙන් කොන්දොස්තර මරුට

රියදුරුගේ පහරදීමෙන් කොන්දොස්තර මරුට

මොණරාගල සිට කටුනායක දක්වා ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයා සහ රියදුරු අතර බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල ලබා රෝහල් ගත කර සිටි කොන්දොස්තරවරයා මියගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා කලක සිට රාත්‍රී කාලයේ නවාතැන් ගෙන ඇත්තේ කටුනායක ප්‍රදේශයේ විහාරස්ථානයකයි.

පෙරෙයිදා(23) රාත්‍රී කාලයේ ද මොවුන් දෙදෙනා සුපුරුදු පරිදි එම විහාරස්ථානයේ නවාතැන් ගෙන තිබූ අතර, මොවුන්ගේ හිතවතෙකු ද ඔවුන් සමග එහි නවාතැන් ගෙන තිබෙනවා.

තිදෙනාම එක්ව එදින මත්පැන් පානය කර ඇති අතර එහිදී කොන්දොස්තරවරයා සහ රියදුරු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුව රියදුරුවරයා මත්පැන් බෝතලය බිඳ දමා එහි කොටසකින් කොන්දොස්තරවරයාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇති බව සඳහන්.

අනතුරුව අනෙක් පුද්ගලයා ඔහු කඩිනමින් රෝහල් ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී 37 හැවිරිදි කොන්දොස්තරවයා ඊයේ මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බස් රථයේ රියැදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Share This