රාජ්‍ය ඇමති චාමරගේ රථය ගිනි ගනී

රාජ්‍ය ඇමති චාමරගේ රථය ගිනි ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් රථය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද (16) අලුයම් කාලයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නැහැ.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ඇල්ල පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

Share This