රත්තරන් මිළ ඉහළට

රත්තරන් මිළ ඉහළට

අද(16) වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 713,245ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ අනුව ඊයේ(15) දිනයට සාපේක්ෂව රුපියල් 6683ක වදිදීමක් පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

කැරට් 24 ග්‍රෑම් 01ක මිල රුපියල් 25,160ක් ලෙස සටහන් වූ අතර කැරට් 22ක මිල සටහන් වී තිබුණේ රුපියල් 23,070ක් ලෙසින්.

කැරට් 21 ග්‍රෑම් 01ක මිල රුපියල් 22,020ක්.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 201,300ක් ලෙස සටහන් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This