රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි (VIDEO)

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි (VIDEO)

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදා කරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. .

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වූ රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියා.

“යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ (23) පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදි රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි.

එබැවින් තමන්ටත්, රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

Share This