රටවල් පහකට පත් කළ ආයෝජන සන්නාම තානාපතිවරු

රටවල් පහකට පත් කළ ආයෝජන සන්නාම තානාපතිවරු

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීම සඳහා රටවල් 5ක් වෙනුවෙන් ආයෝජන සන්නාම තානාපතිවරු පස්දෙනෙකු පත් කර තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නැංවීමේ අරමුණින් මෙම පත් කිරීම් සිදු කළ බවයි.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්, මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි යන මහත්වරුන් පත් කර තිබෙනවා.

මීට අමතරව දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර සහ මහා බ්‍රිතාන්‍ය සදහා කන්නයියා ගජන් යන මහත්වරු ද පත්වීම් ලබා ගත්තා.

මෙම සන්නාම තානාපතිවරුන්ට මෙරට නියෝජනය කරමින් එම රටවල ආයෝජන ප්‍රවර්ධනය සදහා අවස්ථාව හිමිවන බව සඳහන්.

Share This