මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට, පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්

මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට, පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායනය කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව PCR පරීක්ෂණ නිකුත්වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් එම කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා සුගතදාස හෝටල් පරිශ්‍රය වෙත ගෙන්වා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී සුගතදාස හෝටලය වෙත යොමු කළ පළමු දිනයේදී ම කණ්ඩායමේ කිහිපදෙනෙකු විනය විරෝධී ව කටයුතු කර ඇතැයි සැළ වූ වහාම ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු, පුහුණුකරු හා කළමනාකරු සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳව අදාළ කමිටුවේ විනය පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට යොමු කිරීමෙන් පසු අදාළ නිර්දේශ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පසුගිය අගෝස්තු මස ඉදිරිපත් කර තිබුණා.

කණ්ඩායම භාරව කටයුතු කළ කළමනාකරු ඒ.එස්.එන්. අබේසේකර, පුහුණුකරු විමුක්ති ද සොයිසා, ක්‍රීඩක කාලිංග කුමාරගේ, ක්‍රීඩිකා සෙලින්ඩා ජැන්සන් හා ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි සඳහා විනය තීරණ ලබා දී තිබෙනවා.

ඒ අනුව මලල ක්‍රීඩා සංගමයේ ත්‍රිපුද්ගල විනය කමිටුව විසින් අදාළ දඬුවම් පැනවීමට තීරණය ලබාදුන් 2021.08.16 දින සිට ඉදිරියට අදාළ දඩුවම් ක්‍රියාත්මක විය යුතු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරු සහ කළමනාකරු දැනුවත් කර තිබෙනවා.

මේ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාස 04ක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවීම, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ දේපල පරිහරණය තහනම් කිරීම,පුහුණුකරු හා කළමනාකරු සඳහා මාස 06ක හා වසරක ජාත්‍යන්තර තරග සඳහා සහභාගීවීම අත්හිටුවීම අදාළ විනය ක්‍රියාමාර්ගයන්ට අනුව දඬුවම් ලෙස ක්‍රියාත්මක වනවා.

අභිමානවත් ජවසම්පන්න තරුණ පරපුරක් බිහි කිරීමේ දී විනය ප්‍රමුඛ කාරණයක් වන බැවින්ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනා තම විනය පවත්වාගැනීම සම්බන්ධව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු අතර අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශ ලැබීම වැළැක්වීම සඳහානිරෝධායනයට යොමු කළ හෝටලය තුළ දී විනය නීතිරීතිහා නිරෝධායන නීතීරීති දඋල්ලංඝනය කරමින්සාදයක් පැවැත් වූකනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේමෙහි නම් සඳහන් අයවලුන්ට ඉහත පරිදි දඬුවම් ලබාදෙන බවයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අවධාරණය කළේ.

Share This