පොලිස් අත්අඩංගුවේ සිටියදී ‘රෝගාතුරව මිය ගිය’ පානදුරේ කාන්තාව (VIDEO )

පොලිස් අත්අඩංගුවේ සිටියදී ‘රෝගාතුරව මිය ගිය’ පානදුරේ කාන්තාව (VIDEO )

පානදුර උතුර පොලිසිය මගින් ඊයේ (24) පස්වරුවේ පානදුර දිග්ගල ප්‍රදේශයේ කාන්තාවක් නීතිවිරෝධි මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ රෝගාතුර වූ ඇය රෝහල්ගත කළ විට මියගොස් ඇති බව වාර්තා වනවා.

මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ මරණ පරීක්ෂණයෙන් පසුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇති බවයි.

ඉන් පසුව ඊට අදාළ විමර්ශන සිදුකරන බවද ඔවුන් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි

Share This