පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ජය ලැබූ ක්‍රිකට් තරගය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ජය ලැබූ ක්‍රිකට් තරගය

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පවත්වනු ලැබූ ක්‍රිකට් තරගාවලියකදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් කණ්ඩායම සහ තරගාවලියේ සංවිධායක මණ්ඩලය අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පවත්වා තිබූ අතර එම තරගයේ ජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට හිමිව තිබෙනවා.

එහි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය රමේෂ් මලින්ද නායකත්වය ලබා දුන් ‘වන් ටු වන්’ කණ්ඩායම විසින් දිනා ගත් බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම අනුශූරතාව ප්‍රදීප් රණතුංගගේ නායකත්වයෙන් යුත් ‘දියවන්නා රයිඩර්ස්’ කණ්ඩායමට හිමිවුණා.

පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් තරගාවලිය මෙවර පවත්වා තිබෙන්නේ බත්තරමුල්ල ජී.එච්.බුද්ධදාස ක්‍රීඩාංගනයේදීයි.

එසේම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරගාවලියේ ශූරතාව ගීතානි විදානපතිරණගේ නායකත්වයෙන් යුත් “ගෝල්ඩන් ෆ්ලේම්ස්” කණ්ඩායම දිනාගත් අතර අනු ශූරතාව නිලක්ෂි ධර්මදාස‍ගේ නායකත්වයෙන් යුත් “පාර්ලිමන්ට් ඒන්ජල්ස්” කණ්ඩායමට හිමි වුණා.

Share This