පාර්ලිමේන්තුව ලබන සඳුදා සහ අඟහරුවාදා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන සඳුදා සහ අඟහරුවාදා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන සඳුදා (01) සහ අඟහරුවාදා (02) දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව ලබන සඳුදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර ලබන අඟහරුවාදා පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් පරාටේ නීතිය සංශෝධනයට ලක් කිරිමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග මෙන්ම එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා

Share This