“පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන ස්තුතියි”  – ජනපති යුද හමුදාවට තුති පුදමින් කළ කතාව(VIDEO)

“පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන ස්තුතියි” – ජනපති යුද හමුදාවට තුති පුදමින් කළ කතාව(VIDEO)

පාර්ලිමේන්තුව ආරක්ෂා කරමින් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව ස්තුතිය පිරිනමන බව අකුරේගොඩ යුදහමුදා මූලස්ථානයේ දී අද (09) පැවති ජනාධිපති ප්‍රණාම සහතික ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙලෙස අදහස් දැක්වුවා.

“ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. මේ ආයතන තුන ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා.

එහෙම අවස්ථාවක දී තමයි පසුගිය ජුලි 9 වනදා ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තේ. ලේකම් කාර්යාලය අත්පත් කරගත්තා. හැන්දෑව වෙද්දි අරලියගහ මන්දිරය අත්පත්කර ගත්තා. මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තිබ්බා

පාර්ලිමේන්තුව වටකරලා පාර්ලිමේන්තුව අල්ල ගත්තා නම් ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක වෙන්න බෑ.

ඒ අවස්ථාවේ දී  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටත් හමුදාපති විකුම් ලියෙනගේටත් කිව්වා කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. මම සියලුදෙනාට ප්‍රසංසා කරනවා, ස්තූති කරනවා.”

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින් නැරඹිය හැකියි.

Share This