පාකිස්ථානයට අධික වැසි සහ අකුණුවලින් බරපතළ හානි

පාකිස්ථානයට අධික වැසි සහ අකුණුවලින් බරපතළ හානි

පාකිස්ථානයේ නිරිත දිග ප්‍රදේශයට අසාමාන්‍ය ලෙස ඇද හැලෙන අධික වර්ෂාව නිසා අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අයගෙන් ඇතැම් අය ගොවින් වන අතර ඔවුන් තිරිඟු අස්වනු නෙළමින් සිටියදී අකුණු සැර වැදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් මෙන්ම විදුලිබල සැපයුම් සහ ප්‍රවාහන ජාල ද අඩාල වී තිබෙන බව වාර්තා වනවා.

ඉදිරි දිනවලදී තවත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නායයෑම් සහ හදිසි ගංවතුර පිළිබඳ එරට මහජනයා වෙත අනතුරු අඟවා තිබෙනවා.

Share This