නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසියෙන් වෙඩි (VIDEO)

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසියෙන් වෙඩි (VIDEO)

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසිය වෙඩිතබා තිබෙනවා.

අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසලදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරීන් රථයට වෙඩි තැබීමට කටයුතු කළා.

එහිදී ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නම් පුද්ගලයෙක් වන අතර සැකකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This