නිවසක සිටි ගවයෙක් ඝාතනය කර මස් රැගෙන යයි

නිවසක සිටි ගවයෙක් ඝාතනය කර මස් රැගෙන යයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මාලේවනයාය ප්‍රදේශයේ නිවසක ඇතිකල ගවයෙක් ඝාතනය කර එම ගවයාගේ මස් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා..

ගවයා රාත්‍රි කාලයට ගැට ගසා ඇති ස්ථානයේදීම මෙලෙස ඝාතනය කර මස් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

Share This