පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක මිසයිල යුක්‍රේනයට

පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක මිසයිල යුක්‍රේනයට

තම නව මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සහ කාලතුවක්කු පතොරම් යැවීම කඩිනම් කරන බව පෙනටගනය පවසනවා.

මේ සඳහා එක්සත් ජනපදය ඩොලර් බිලියන 6 ක් භාවිතා කරන බවයි පෙන්ටගනයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඩොලර් බිලියන 6, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයක කොටසක් වන අතර, එයට තවත් ක්ෂණික ආධාර වශයෙන් ඩොලර් බිලියන 1 ක් ද ඇතුළත් වන බව සඳහන්.

එමෙන්ම එක්සත් ජනපදය මේ දක්වා එහි විශාලතම ආරක්ෂක ආධාර පැකේජය යුක්‍රේනයට ලබාදීම කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන්නේ.

Share This