නිරෝධායන නීති කඩන උත්සව නිසා ‘මේරියන්ස් නායකයාට’ හමුදාපති සහ සෞඛ්‍ය ප්‍රධානියාගෙන් ඇමතුම්

නිරෝධායන නීති කඩන උත්සව නිසා ‘මේරියන්ස් නායකයාට’ හමුදාපති සහ සෞඛ්‍ය ප්‍රධානියාගෙන් ඇමතුම්

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සවවලට ලැබුණු නිදහස අනිසි ලෙස භාවිතා නොකරන ලෙස ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා ඉල්ලා සිටිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සඳහන් කර ඇත්තේ ඇතැම් තැන්වල විවාහ උත්සවවලට අනුමත පිරිසට වඩා වැඩි පිරිසක් සහභාගී කරවාගෙන ඇති බවයි.

උත්සව තහනම් කිරීමෙන් කලාකරුවන් දැඩි අපහසුතාවකට පත්ව තිබූ මොහොතක තමා ද මැදිහත් වී ගත් උත්සහයක් නිසා ලැබුණු අවසරය ඇතැමුන් අවභාවිත කිරීමෙන් තමන් ලැජ්ජාවට පත්ව සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

“අද උදේම ජනාධිපති කාර්ය සාධක බළකායේ කෝල් එකක් ආවා . අවසරය දුන්නට පස්සේ සිදුවන අකටයුතුකම් ගැන වෙඩින්වල පින්තූර සහ වීඩියෝ එව්වා.

ටික වෙලාවකින් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් කෝල් එකක් ආවා. නලීන් ඔයාලා හැමෝම වෙනුවෙන් කතා කරලා මොකද්ද මේ වෙන්නේ ඇහුවා.අවසාන වතාවට කියන්නේ රැකගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මාසයක් ඇතුළත මේක නැවත වහන්න කියලත් කිව්වා.

ටික වේලාවකින් කමාන්ඩර්ගෙන් කෝල් එකක් ආවා.නලින් මාව බෙල්ලට තියන්න එපා කිව්වා.ඔයාලගේ ඉල්ලීම ඉටු කර දුන්නා කිව්වා.හෝටල්වල, බෑන්ඩ්වල හැමෝම එයාට මතක් වන අය සිහිපත් කරලා කිව්වා මේක හරි විදියට මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් තත්ත්වයේ තියා ගන්න කියලා. මම මුලික වෙලා කතා කරපු නිසයි එයා මට කතා කළේ. මේ කේෂ්ත්‍රයේ ඉන්න අය හැමෝම මට කියන්න මොකද්ද දැන් මම ඉස්සරහට කරන්න ඕන කියලා

දැන් කතා කරන්න ඉන්නේ ජනාධිපතිතුමා විතරයි.

ක්ලයන්ට්ව පාලනය කරන හැන්ඳ තියෙන්නේ හෝටල්වල අයට. ඔය වගේ ආත්මාර්ථකාමී වෙන්න එපා. මට ලැජ්ජා හිතුනා අද. මම කෙලින්ම කිව්වා ඒ වගේ හෝටල් තියෙනවා නම් ඒ වගේ බෑන්ඩ් තියෙනවා නම් වැඩ තහනම් කරන්න, මාස දෙක තුනකට හෝටල් වහන්න, මම පූර්ණ සහයෝගය දෙනවා කිව්වා. මට වෙන උත්තර නැති නිසා. “ යනුවෙන් ද නලින් පෙරේරා මහතා සඳහන් කරනවා.

Share This