දෙදරු පියෙකු  වෙඩි තබා මරා දමලා

දෙදරු පියෙකු වෙඩි තබා මරා දමලා

ඊයේ (04) රාත්‍රියේ දී ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ නිවසක රාත්‍රී ආහාර ගනිමින් සිටි අයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියකු බවයි පොලිසිය සඳහන් කළේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාගේ නැගණියගේ ස්වාමි පුරුෂයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකල විමර්ශණයේ දී හෙළිවී වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

Share This