දික්ඕවිට මුහුදේ නාඳුනන මළ සිරුරක්

දික්ඕවිට මුහුදේ නාඳුනන මළ සිරුරක්

දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබී නාදුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 08ක් පමණ වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගොස් සිටි පුද්ගලයා කළු කොට කලිසමක් සහ නිල් පැහැති කමිසයක් ඇඳ සිට ඇති අතර කළු පැහැති ගලක් අල්ලන ලද රිදී මුද්දක් ද ඔහු පැළඳ සිටි බවයි පැවසෙන්නේ.

Share This