දහම් පාසල් ජාතික දින උත්සවය මාතලේ උකුවෙල දී

දහම් පාසල් ජාතික දින උත්සවය මාතලේ උකුවෙල දී

127 වන දහම් පාසල් ජාතික දින උත්සවය මාතලේ උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල බල ප්‍රදේශයේ උකුවෙල වරකාමුර ශ්‍රී ගුණසේකරාරාමයේදී නිල වශයෙන් පැවැත්වෙන බව මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති 127 වන සමස්ත ලංකා දහම් පාසල් දිනය පිළිබද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමිනුයි.

127 වන දහම් පාසල් දිනය නිමිත්තෙන් එළඹෙන 10 වනදා දුෂ්කරතාවයන්ට මුහුණදී ඇති දිගාමඩුලු දිසාවෙහි පදියතලාව සහ මහඔය ප්‍රදේශයන්හි විහාරස්ථාන වල අඩුපාඩු සොයා බලා ඒ්වාට පිළියම් යෙදීමටත්, පදිරිප්පුව, කල්මුනේ, අක්කරපත්තුව සහ පොතුවිල් යන කොට්ඨාශ වල ඇති දුෂ්කර වෙහෙර විහාර සංවර්ධනයට මෙන්ම ඒවායෙහි අඩුපාඩු සොයාබලා කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් සකසා ඇතැයි උන්වහන්සේ එහිදී සඳහන් කළා,

ඉරිදා දිනය දහම්පාසල් දිනය සදහා වෙන් කරන ලෙස සමස්ත ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා.

 

Share This