ප්‍රථම ජාත්‍යන්තර තරගයේදීම ලකුණු 0ට කඩුලු 07ක් දවාගත් රොහ්මාලියා

ප්‍රථම ජාත්‍යන්තර තරගයේදීම ලකුණු 0ට කඩුලු 07ක් දවාගත් රොහ්මාලියා

ඉන්දුනීසියාවේ පිට දඟ පන්දු(off spinner ) යවන ක්‍රීඩිකාවක් වන රොහ්මාලියා කාන්තා විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දු යැවීම සඳහා නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

ඇය මොංගෝලියාවට එරෙහිව බාලි හි පැවති ඔවුන්ගේ පස්වන විස්සයි 20 තරගයේදී ලකුණු 0 කට කඩුලු 7 ක් දවා ගැනීමෙන් මෙම වාර්තාව තැබූ බව සඳහන්.

ඇයගේ ප්‍රථම ජාත්‍යන්තර තරගයේදීම එම ජයග්‍රහණය අත්කර ගැනීම සුවිශේෂී බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ.

ඒ අනුව 2021 වසරේ විස්සයි20 ලෝක කුසලාන යුරෝපා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගයකදී ප්‍රංශයට එරෙහිව ලකුණු 3කට කඩුලු 7ක් දවාගත් නෙදර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෙඩ්රික් ඕවර්ඩික් විසින් මීට පෙර තබා තිබූ වාර්තාව මෙලෙස රොහ්මාලියා හිමි කරගනු ලැබුවා.

ඕවර්ඩිජ්ක්ට සහ ආර්ජන්ටිනාවේ Alison Stocks පසුව කාන්තා විස්සයි20 තරගයකදී කඩුලු 7ක් දවාගත් තෙවැනි පන්දු යවන්නා රොහ්මාලියා වනවා.

Share This