දකුණු කොරියාවේ සුනඛ මස් වෙළඳාම තහනම්

දකුණු කොරියාවේ සුනඛ මස් වෙළඳාම තහනම්

දකුණු කොරියාවේ සුනඛ මස් වෙළඳාම තහනම් කරමින් නීතියක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් නව නීතියකට සහය දීමෙන් අනතුරුවයි.

ඒ අනුව දකුණු කොරියාව තුළ සුනඛයන් ඝාතනය කිරීම සහ සුනඛයින් මස් සඳහා විකිණීම නීතිවිරෝධී වනවා.

2027 වන විට බලාත්මක වීමට නියමිත මෙම නීතියේ අරමුණ වන්නේ මිනිසුන් බලු මස් අනුභව කිරීමේ සියවස් ගණනාවක් පැරණි පුරුද්ද අවසන් කිරීමයි.

සුනඛ මස්වලින් හදන “boshintang” ලෙස හඳුන්වන ඉස්ටුවක් දකුණු කොරියානුවන් අතර ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලබනවා.

කෙසේ වෙතත් මෙම ඉස්ටුව තරුණයින් අතර තවදුරටත් ජනප්‍රිය නොවන බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ Gallup මත විමසුමකට අනුව, මිනිසුන්ගෙන් 8% ක් පමණක් පසුගිය මාස 12 තුළ බලු මස් අනුභව කළ බව ප්‍රකාශ කර ඇති අතර එය 2015 දී 27% ට වඩා අඩු බව සඳහන්.

කෙසේ වෙතත් මෙම මත විමසුමට ලක්වූවන්ගෙන් පහෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් කියා සිටියේ ඔවුන් මස් පරිභෝජනයට සහාය දෙන බවයි.

නව නීතිය බලු මස් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කරනවා.

එමෙන්ම බල්ලන් මස් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට වසර තුනක සිරදඬුවමක් හිමිවන අතර මස් සඳහා බල්ලන් ඇති කිරීම හෝ බලු මස් විකිණීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට උපරිම වශයෙන් වසර දෙකක දඩුවම් කාලයකට යටත් වන බවයි සඳහන් වන්නේ.

මෙම නව නීතිය බලාත්මක වීමට පෙර විකල්ප රැකියා සහ ආදායම් මාර්ග සොයා ගැනීමට මස් වෙළඳුන්ට සහ ආපනශාලා හිමියන්ට වසර තුනක කාලයක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This