ගෝලීය වශයෙන් COVID-19 එන්නත ඉවත් කරන බව AstraZeneca පවසයි

ගෝලීය වශයෙන් COVID-19 එන්නත ඉවත් කරන බව AstraZeneca පවසයි

වසංගතයෙන් පසු “ලබා ගත හැකි යාවත්කාලීන කළ එන්නත්වල අතිරික්තයක්” හේතුවෙන් එහි COVID-19 එන්නත ලොව පුරා ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca සමාගම පවසනවා.

යුරෝපය තුළ Vaxzevria හි අලෙවිකරණ අවසරය ඉවත් කර ගැනීමට සමාගම කටයුතු කරන බව ද එහි සඳහන්.

බහුවිධ, ප්‍රභේද COVID-19 එන්නත් නිපදවා ඇති බැවින්, පවතින යාවත්කාලීන කළ එන්නත්වල අතිරික්තයක් ඇති බවයි එම සමගම සඳහන් කරන්නේ.

මෙය තවදුරටත් නිෂ්පාදනය හෝ සැපයීම සිදු නොකරන බව එහිදී AstraZeneca සමාගම පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This